Homeදේශීයස්ටාලින්ක් සේවාව මේ මස අවසන් වනවිට මුළු රටටම

ස්ටාලින්ක් සේවාව මේ මස අවසන් වනවිට මුළු රටටම

සාමාන්‍ය සේවා අභිබවා යන විශේෂ අන්තර්ජාල සේවාවවක් වූ ස්ටාලින්ක් සේවාව මේ මස අවසන් වනවිට සමස්ථ රටටම ලබාදීමට හැකියාව ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න පවසයි.
ඔහු පවසන්නේ මේ වනවිට පාරිභෝගිකයින් 10 දෙනෙක් සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට පවත්වාගෙන යන බව ද ඇමතිවරයා කීවේය.

රටේ දුෂ්කරම පළාත්වලට පවා ඉතා ඉහළ ගුණාත්මක අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබේ.

ස්ටාර්ලින්ක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ පහසුකම් ලබා දීලා තියනවා. ඒ අවශ්‍ය ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තියනවා. දැනට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා ඩිවයිසර්ස් 10ක් අරන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා. මේ නියමු ව්‍යාපෘතියෙන් පස්සේ ඒ කට්ටිය ඩෑෂ් බෝඩ් එකක් පෙන්වන්න අවශ්‍යයයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට.

ඒක කරලා ඉවර වුනාට පස්සේ අපි බලාපොරොත්තුවක් තියනවා මේ මාසයේ අන්තිම වෙනකොට ස්ටාර්ලින්ක් සේවාව රටටම දෙන්න පුලුවන් විදිහට ඒ කට්ටිය කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා…. නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

ස්ටාර් ලින්ක් සේවාව යනු කුමක් ද?
Starlink යනු ඉතාම අඩු ප්‍රමාදයන් සහිතව පෘථිවියේ ඕනෑම තැනකට වේගවත් අන්තර්ජාල සේවාවක් දීම සඳහා SpaceX විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාවකි.

SpaceX 2019 දී Starlink චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළේය. 2025 මැයි වන විට භූමි සම්ප්‍රේෂක සමඟ සන්නිවේදනය කරමින් පහළ පෘථිවි කක්ෂයේ මහා පරිමාණයෙන් ස්ථාපිත කරන ලද කුඩා චන්ද්‍රිකා 7,600 කට වඩා සමන්විත පද්ධතියක් බිහි වී ඇත.

දැනට අභ්‍යාවකාශයේ ඇති ක්‍රියාකාරි චන්ද්‍රිකාවලින් සියයට 65ක ප්‍රමාණයකින් Starlink සමන්විත වේ. මෙම පද්ධතිය චන්ද්‍රිකා 12,000 කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, පසුව 34,400 දක්වා පුලුල් කිරීමට හැකිය. SpaceX 2022 දෙසැම්බර් මාසයේදී ග්‍රාහකයින් මිලියන 1 කට වඩා ළඟා වූ බව නිවේදනය කළේය. සහ 2024 සැප්තැම්බර් මාසයේදී ග්‍රාහකයින් මිලියන 4 ක් ඉක්මවූයේය.

මෙම පද්ධතිය මගින් ගෝලීය වශයෙන් කිසිම බාධාවකින් තොරව සන්නිවේදන සම්බන්ධතා සපයනු ලැබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments