ලොව පුරා අමෙරිකානුවන්ගේ ජීවිත අනතුරේ
ලොව පුරා සිටින සිය අමෙරිකානු පුරවැසියන්ට එරට රජය විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ ඉරාන ප්‍රහාරය හමුවේ අමෙරිකානුවන්ට විය හැකි ආරක්ෂක තර්ජනය පිළිබඳවයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම හේතුවෙන් මැදපෙරදිග හරහා ගමන් බිමන් වලට බාධා ඇති වී ඇති අතර ගුවන් අවකාශය වරින් වර වසා දමා ඇත. එක්සත් ජනපද පුරවැසියන්ට සහ විදේශයන්හි සිටින අයට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බව අමෙරිකානු රජය දන්වයි. ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වැඩි අවධානයක් යොමු කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. කරුණාකර අපගේ සංචාරක උපදේශනය, රට තොරතුරු සහ ඕනෑම මෑත කාලීන ආරක්ෂක අනතුරු ඇඟවීම් පිළබඳ වහාම යාවත්කාලීන වන ලෙස එමගින් දන්වා සිටියි.
අමෙරිකාව විසින් ඊයේ අලුයම වනවිට ඉරානයේ න්‍යෂ්ටික සංකීර්ණ 3කට ප්‍රහාර එල්ල කිරීම හමුවේ ලෝකයට මෙතෙක් ඇති නොවූ දරුණු ආරක්ෂත තර්ජනයක් ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අනතුරු ඇගවීය.
1979 විප්ලවයෙන් පසු ඉරානයට එරෙහි සිදුවූ විශාලතම බටහිර මිලිටරි ක්‍රියාමාර්ගය මෙයයි.
ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරයෙන් පසුව අමෙරිකාවේ නගරවල යුද විරෝධී විරෝධතාකරුවන්ගේ පොකුරු පිටින් මතු වී ඇත. අමෙරිකාව ඉරානයේ ෆෝඩෝ ඇතුළු ස්ථාන 3ක න්‍යෂ්ටික භූමිවලට ඉහළින් රාත්තල් 30,000 ක බංකර්-විනාශක බෝම්බ හෙළීමෙන් දිනකට පසු ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට දිවුරා පොරොන්දු විය.