වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර තිබෙනවා.
වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට ,කෘෂිකර්මාන්තයට හා වැවිලි ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත වනවා.
එහි පළමු හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදුකිරීමට නියමිතයි.
වන ජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය මෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.
ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළා.
විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වනජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශවයන්ගෙන් මේ සඳහා අදහස් ලබාගැනීම වැදගත් බව මෙහිදී තීරණය වී තිබෙනවා.