Homeක්‍රීඩාපැතුම් ටෙස්ට් දිවියේ තෙවන ශතකය වාර්තා කරයි

පැතුම් ටෙස්ට් දිවියේ තෙවන ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය වාර්තා කිරීමට අද සමත් විය.

පැතුම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණයකදි වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය ද මෙය වේ.

එමෙන්ම පැතුම් අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 1000 වාර්තා කිරීම ද සුවිශේෂී සිදුවීමක් බවට පත් විය.

පැතුම් මේ වන විට නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 101කි.

මේ අතර දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කර ගෙන සිටියි.

බංග්ලාදේශ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 495කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments