Homeදේශීයවිපක්ෂයේ විරෝධය හමුවේ බිමල් පසුබසී

විපක්ෂයේ විරෝධය හමුවේ බිමල් පසුබසී

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ස්ථාවර නියෝග 19 (1) අනුව හදිසි තත්ත්වයක් සේ සලකා ඊශ්‍රායල ඉරාන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමස්ත විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැඟී සිටියා.

එහිදී සභාවේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් මතුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙම යෝජනාව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා අදහස් දක්වමින් අද සවස තුනයි තිහට මේ සඳහා අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳව කරුණු මතුකලා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මධ්‍යයේ එම විවාදය පැවැත්වීමට සභානායක අමාත්‍ය බිමල් රත්නායක කැමැත්ත පළකළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments