Homeදේශීයකොළඹ නගර සභාව ඇම්ඩම්ලා විශාල ප්‍රමාණයක් සිටින තැනක්

කොළඹ නගර සභාව ඇම්ඩම්ලා විශාල ප්‍රමාණයක් සිටින තැනක්

කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට යන මේ ගමන දොඩම් ගොඩක් බදාගෙන යනවාක් වැනි වැඩක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.
සමගි ජන බලවේගයට ඇත්තේ කොළඹ නාරික මන්ත්‍රී ධූර 29ක් පමණක් බවත්, බලය පිහිටුවීම සඳහා තවත් 30ක් අවශ්‍ය බවත් කී මන්ත්‍රීවරයා මේ මන්ත්‍රී ධූර 30 පක්ෂ ස්වාධීන කණඩායම් ගණනාවකින් ගෙනා යුතු බව පෙන්වා දුන්නේය.

ඔබතුමා එකතු කරලා බලන්න. 29යි යූ.එන්පී. 13යි 42යි. ඒකට පොහොට්ටුවෙ 5ක් ආවොත් 47යි… මුස්ලිම් කොංග්‍රසයේ 4ක් ආවොත් 51යි. පුටුවෙ එකක් ආවොත් 52යි. තව 7ක් ඕන ස්වාධීන කණ්ඩායම්වලින්, මරික්කාර් මන්ත්‍රීවරයා කොළඹ මහ නගර සභාව සජබට දිනාගැනීමට ඇති ප්‍රායෝගික අපහසුතාවය පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කීවේ මෙවැන්නකි

සාකච්ඡාවලට ගියපු අය කළ සාකච්ඡා සාර්ථකයි නම් හෙට දිනයි අපි. පොතේ හැටියට අපි දිනන්න ඕන. මේක ඇට මාලයක් හදනවා වගේ වැඩක්. එක එක අමුණා ගන්න ඕන. එක එක් අය රෑට එකක් කියනවා. උදේට එකක් කියනවා.

මේක හරියට දොඩම් ගෙඩි ගොඩක් බදාගෙන යනවා වගේ වැඩක්. අන්තිම මෙහොත වෙනකම් එකක් හරි හැලෙන්නේ නැතිව ගෙනියන්න ඕන. සභාවට යනකම් එක මතයක ඉඳලා එතෙන්ට ගිහින් වෙනත් කෙනෙකුට ඡන්දය දුන්න රටක්නේ මේක. ”

මරික්කාර් මන්ත්‍රීවරයා කීවේ වෙනත් පළාත් පාලන ආයතන මෙන් නොව, කොළඹ නගර සභාව ඇම්ඩම්ලා විශාල ප්‍රමාණයක් සිටින තැනක් බවය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments