Homeදේශීයහිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව වෙන්නේ නැද්ද

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව වෙන්නේ නැද්ද

තොරතුරු පනත (RTI) යටතේ ලබාගත් ලේඛනයකින් අනාවරණය වී ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමේ රජයේ ප්‍රතිඥාව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තොරතුරු ලබාගෙන තිබෙනවා.

එහිදී අදාළ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙහි “විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ විධායක බලතල නොමැති ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කිරීම” යන කැපවීම රඳවාගෙන ඇති බව සඳහන්.

මෙම වසර මුලදී ජනාධිපති විසින් පත් කරන ලද කමිටුවක් මඟින් මෙම වරප්‍රසාද කපා හැරීමට රජයේ අභිප්‍රායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බාධාවක් පවතින බව ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියේ දැක්වෙන්නේ,“ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, එවැනි ධූරය දරන්නාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුපක් සහ දීමනා සහ ඉන් අනතුරුව එවැනි විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත. මෙම වගන්තියේ පසුකාලීන ඕනෑම සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ ප්‍රතිස්ථාපනය කිරීමක් සහ මෙම වගන්තියට නොගැලපෙන පසුකාලීන ඕනෑම නීතියක් හෝ එහි කිසිදු විධිවිධානයක් අතීතයට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නොවිය යුතුය”.

එසේම 36(4) වගන්තියේ දැක්වෙන්නේ, “පාර්ලිමේන්තුවට යෝජනාවක් මගින් ජනාධිපති ධූරය දරන්නන්ගේ වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් වැඩි කළ හැකි නමුත්, අඩු කළ නොහැක” යනුවෙන් බව ද සඳහන්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments