HomeදේශීයITAK සහ TNA එකතුවෙයි

ITAK සහ TNA එකතුවෙයි

යාපනයේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය හා දෙමළ ජනතා සන්ධානය අතර විශේෂ ගිවිසුමක් අත්සන් කොට තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය වෙනුවෙන් එම්.ඒ.සුමන්තිරන්ද දෙමළ ජනතා සන්ධානය වෙනුවෙන් සී.වී.විග්නේස්වරන්ද මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

ඒ අනුව නල්ලූර් ප්‍රාදේශීය සභාවේ බලය පලමු වසර දෙක සඳහා දෙමළ ජනතා සන්ධානයටද අනෙක් වසර දෙක සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයටද හිමි වනු ඇත.

උතුරේ අනෙකුත් ස්ථානවල දෙමළ ජනතා සන්ධානය තමිල් අරුසු පක්ෂයට පූර්ණ සහාය ලබා දෙන බවටද පොරොන්දු වී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments