“ශ්‍රමයේ යෙදෙන ළමුන් සිටින සමාජයක් වෙනුවට ළමුන්ගේ අධ්‍යාපනය සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිත්වාසිකම් තහවුරු කළ සමාජයක් ගොඩනගමු.”
සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සටන් කළ සියලු පුරවැසියන් ගේ පුධානම අපේක්ෂාව වූයේ මෙරට “අනාගත පරපුර” වෙනුවෙන් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමයි. හුදෙක් මිල මුදලෙන් සහ භවභෝග වලින් පොහොසත් රටක් පමණක් නොවී ආකල්පමය වශයෙන් ද පොහොසත් රටක අවශ්‍යතාවය රජය ලෙසත්, පුරවැසියන් ලෙසත් අප හඳුනාගෙන සිටින්නෙමු.
එළෙස ආර්ථිකමය වශයෙන් සහ සමාජයීය වශයෙන් පොහොසත් රටක “ළමයා” යනු වැදගත්ම සහ තීරණාත්මකම පුද්ගලයා වන අතර සුරක්ෂිත සමාජයක ආදරය, කරුණාව සහ රැකවරණය ලබමින් දරුවෙකු ලෙසින් වර්ධනය වීමටත්, අවමය වසර 16 ක අධ්‍යාපනය ලැබීමටත් ඉඩකඩ ලැබෙනු ඇත.
නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය, ඒවා ක්‍රියාත්මක කිරීම, දැනුවත් කිරීම, සහන සැළසීම සහ පසුවිපරම් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කිරීමට රජයක් ලෙස අප දෙගුණයක් කැප වී කටයුතු කරන්නෙමු.
එම ක්‍රියාවලියට සමගාමීව රටේ සියලු දරුවන් ඔබේ දරුවන් ලෙස සළකා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබේ පුරවැසි වගකීම ඉටුකරමින් අප හා අත්වැල් බැඳගන්නා මෙන් “ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය” සැමරෙන අද දිනයේ දී ඔබ සැමට සහෘදත්වයෙන් ආරාධනා කරමි.
-සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය