Homeදේශීයචබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා ආරක්ෂාව

චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා ආරක්ෂාව

මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, මෙන්ම විවේක කටයුතු, ආහාර පාන ලබාගැනීම සඳහා ඉදිකර ඇති චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා ආරක්ෂාව ලබාදෙන බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව
අදාළ පොලිස් ස්ථාන මගින් මේ වනවිට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවය.

ඊට අමතරව දිවයිනේ රැඳීසිටින කවර හෝ විදේශීය ජාතිකයකගේ ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments