ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන හතරක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා අද පාර්ලිමේන්තුවට දැන්වීය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් එම මධ්‍යස්ථාන හතරෙන් දෙකක් නීත්‍යානුකූල අවසර ලබාගෙන නැති බවද අමාත්‍යවරයා පැවසීය.
වැලිගම සහ ඇල්ල ප්‍රදේශවල මධ්‍යස්ථාන සඳහා අවසර ලබාගෙන ඇති අතර පොතුවිල් සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පිහිටා ඇති මධ්‍යස්ථාන දෙක අවසර ලබාගෙන නැත.
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යටතේ 2022.04.21 වන දින ලියාපදිංචි කර ඇත.