Homeදේශීයශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වන නවතම ගුවන් යානය අද මෙරටට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වන නවතම ගුවන් යානය අද මෙරටට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වන එයාර් බස්‌ A 330-200 නවතම ගුවන් යානය අද මෙරටට පැමිණීමට නියමිතය.

ප්‍රංශයේ පැරිස් සිට නව ගුවන් යානය ශ්‍රී ලංකාවේ කටුනායක වෙත පැමිණීමට නියමිතය.

අද උදෑසන 8:00 සිට 9:00 දක්වා අඩි 1,500ක පමණ උසකින් මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ඇත.

ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments