Homeදේශීයකොළඹ කුණාටුවකට හසුවෙයි

කොළඹ කුණාටුවකට හසුවෙයි

ඊයේ රාත්‍රියේ කොළඹ හෙල්ලුනේය.මහා තද සුළඟකි.ඒ සමග ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලුනේය.ගස් කඩා වැටිනි.දේපල හානි වුයේය.

පොලිස් වාර්තාවලට අනුව,බොරැල්ල ලෙස්ලි රණගල මාවත, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, දෙමටගොඩ,මරදාන, ජාවත්ත සහ වැල්ලවත්ත ඇතුළු ස්ථාන කිහිපයක ගස් කඩා කඩාවැටීම් 08ක් වාර්තා වුනේය. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය අසල ගසක් කඩා වැටීමෙන් නිවාස හයකට හානි සිදුවිය.

ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වී ඇත්තේය,විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිරේක කණ්ඩායම් යොදවා ඇත.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර කණ්ඩායම්,පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන්, සුන්බුන් ඉවත් කර හානියට පත් මාර්ගවලට ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාත්‍රිය පුරා කටයුතු කළහ.

දෙමටගොඩ,ඇඟලුම් කම්හලක බිත්තියක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබීය. තුවාල ලැබූ සියලුම පුද්ගලයින් ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

මේ තද සුළඟට බම්බලපිටිය පොලිස් බැරැක්කයේ වහලයත් සුළඟට ගියේය. වඩාත්ම බලපෑම් සහගත තත්ත්වය වාර්තා වූයේ දුම්රිය සේවයටය. වෙරළබඩ මාර්ගය,ප්‍රධාන මාර්ගය, කැළණි වැලි මාර්ගය සහ පුත්තලම මාර්ගය ඇතුළු ප්‍රධාන දුම්රිය මාර්ග මතට ගස් කඩා වැටීම් වාර්තා විය.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරන්නේ ඊයේ රාත්‍රියේ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ වූ නමුත් ප්‍රධාන මාර්ගය, කැළණි නිම්න මාර්ගය සහ හලාවත මාර්ගයේ දුම්රිය සේවා ප්‍රමාද වීමට ඉඩ ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments