Homeදේශීයවිදුලි සංදේශ නිළධාරින් වැඩ වර්ජනයකට සැරසෙයි

විදුලි සංදේශ නිළධාරින් වැඩ වර්ජනයකට සැරසෙයි

ගැටලු 15ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය හෙට සහ අනිද්දා සංකේත වැඩවර්ජනයක නිරත වෙයි.

නිලධාරි සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම, නිලධාරි කාර්යභාර දීමනාව ලබා නොදීම, බාහිර කම්කරුවන් යෙදවීමට කටයුතු නොකිරීම, පාලන කාර්යාලවල පැය 100 ඉක්මවා ඇති අතිකාල නොගෙවා සිටීම, නිලධාරි ගමන් වියදම් සීමාවන් ඉහළ නොදැමීම එම ගැටලු අතර වේ.

එම ගැටලු විසඳා ගැනීම සඳහා තැපැල්පතිවරයා සහ විෂයභාර ඇමැතිවරයා සමග සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වුවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර සඳහන් කරයි.

ඒ අනුව විෂය භාර ඇමැතිවරයා සමග පසුගිය මාර්තු 07 වැනිදා මැයි 02 වැනිදා පැවැත්වූ සාකච්ඡාවට සමගාමීව ලබා දුන් විසඳුම් සහ සම්මුතින්ද තැපැල් පරිපාලනය විසින් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවද ඔහු සඳහන් කරයි.

එම නිසා එලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවත් දෙදින වැඩවර්ජනයෙන් පසුව ගන්නා වූ ඊළඟ ක්‍රියාමාර්ග පිළිබඳව ලබන 01 වැනිදා රැස්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවත් හෙතෙම පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments