Homeදේශීයඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති Adel Ibrahim ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.

ඊජිප්තු තානාපතිවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඔහුව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔවුන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කේන්ද්‍ර කරගත් සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය හරහා අධ්‍යයන හා වෘත්තීමය දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු ව ඇත.

ආරක්‍ෂක ක්‍ෂ්ත්‍රයේ අධ්‍යයන කටයුතු, ධාරිතා වර්ධනය සහ ජාත්‍යන්තර හමුදා පුහුණු වැඩසටහන් යන ක්‍ෂ්ත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාවය සඳහා ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ. දෙරට අතර, ගැඹුරු අවබෝධයක් සහ සහයෝගීතාවයක් වර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලෙස ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයෙහි ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යයනයේ වැදගත්කමද, ඔවුන්ගේ අවධානයට ලක්විය.

දෙරට අතර ආරක්‍ෂක සබඳතා තරකිරීම සඳහා ඊජිප්තු රාජ්‍යයේ කැපවීම සබැඳි කරුණු තානාපති Ibrahim මහතා ප්‍රකාශ කල අතර, ඊජිප්තු රාජ්‍යය සමඟ පවතින දිගුකාලින මිත්‍රත්වය සහ සහයෝගීතාවය ආරක්‍ෂක ලේකම්වරයා මෙම අවස්ථාවේ සිහිපත් කරමින් එම පවතින සබදතා තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කර තිබේ.

ආරක්‍ෂක ක්‍ෂ්ත්‍රයේ සහයෝගීතාව වර්ධනය සඳහා තවදුරටත් මාර්ග ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයේම කැමැත්ත පල කරමින් මෙම හමුව අවසන් වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments