2011 වර්ෂයේ යාපනය ප්‍රදේශයේදී අතුරුදහන් කිරීමට ලක්වූ ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් කිරීමට අදාල විමර්ශනයේ ප්‍රගතිය අද දිනයේ දැනුම් දීමට නොහැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මීට අදාළ පිළිතුරු ලබාදීම සඳහා තවත් සති දෙකක කාලයක් අවශ්‍ය බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වසර දාහතරකට පෙර සිදුවූ මෙම සිදුවීම පිළිබඳව තවමත් පිළිතුරු සැපයීමට අපොහොසත් වීම පිළිබඳව ඇත්තේ බරපතල ගැටලුවකි.