පැවති පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙනවා.
පළාත් පළාන ඡන්ද විමසීමේ දී විපක්ෂයට බහුතර බලය ලැබී ඇති පළාත් පාලන ආයතන වල බලය පිහිටු වීමට අදාළව සමහි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් තලතා අතුකෝරාල, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන යන අය සහභාගී වී තිබුණා.
එහිදී, විපක්ෂයට බහුතර බලය හිමි වී ඇති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමට අදාළ ප්‍රතිපත්තිමය කාරණා සාකච්ඡාවට ලක් කර ඇති අතර එහිදී විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව මෙම සභාව බලය පිහිටු වීම සඳහා වෙන එකඟතාවයට එළැඹී තිබෙනවා.
ඒ සඳහා වන ඒකාබද්ධ නිවේදනය සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතක පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල, විසින් අත්සන් තබනු ලැබුවා.