Homeජාත්‍යන්තරට්‍රම්ප් සෞදියේ නිල සංචාරයක

ට්‍රම්ප් සෞදියේ නිල සංචාරයක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් පිළිගත් බවය.

සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිව්දින සංචාරයක් සඳහා එක්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජනපදය තුළ සැලකිය යුතු ලෙස නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments