Homeජාත්‍යන්තරසින්දූර් මෙහෙයුම ඉන්දියාවේ නව ප්‍රතිපත්තියයි

සින්දූර් මෙහෙයුම ඉන්දියාවේ නව ප්‍රතිපත්තියයි

ඉන්දියාව කිසිදු න්‍යෂ්ටික තර්ජනයක් නොඉවසන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු මේ බව අවධරණය කළේ ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරමිනි.

කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව ආරම්භ කළ සින්දූර් මෙහෙයුමෙන් අනතුරුව අගමැති ජාතිය ඇමතූ පළමු අවස්ථාව එයයි.

එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි කියාසිටියේ, පාකිස්ථානයට එරෙහි මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති බවත් අනාගතය ඔවුන්ගේ හැසිරීම මත රඳාපවතින බවත්ය.

එමෙන්ම හමුදා මෙහෙයුම නතර කරන ලෙස පාකිස්ථානය ඉන්දියාවෙන් ආයාචනා කළ අතර, ඉන්දියාව එම ඉල්ලීම සළකා බැලුවේ ඔවුන් ඔවුන්ගේ වැරදි ක්‍රියා නතරකරන බවට පොරොන්දු වූ පසුව බව ද මෝදි පැවැසීය.

පහල්ගම් ප්‍රහාරය ත්‍රස්තවාදයේ ම්ලේච්ඡතම මුහුණුවරක් ලෙස හැඳින්වූ අග්‍රාමාත්‍යවරයා, එය තමාට පෞද්ගලික වේදනාවක් වූ බවත්, ඉන්දීය කාන්තාවන්ගේ නළලෙන් ‘සින්දූරය’ ඉවත් කිරීමේ ප්‍රතිවිපාක සතුරාට දැන් අවබෝධ වී ඇති බවත් පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ ඉන්දියාව කිසිදු න්‍යෂ්ටික තර්ජනයක් නොඉවසන බවයි.

සින්දූර් මෙහෙයුම දැන් ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ නව ප්‍රතිපත්තිය බව ද මෝදි අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments