HomeදේශීයTMP අධ්‍යක්ෂ මණ්ඩලයට අසංග අබේගුණසේකර පත්වෙයි

TMP අධ්‍යක්ෂ මණ්ඩලයට අසංග අබේගුණසේකර පත්වෙයි

අනාගත අධ්‍යයනයන් සහ දූරදර්ශීභාවය පිළිබඳ ප්‍රමුඛ ගෝලීය චින්තන පර්ෂදයක් වන සහශ්‍රක ව්‍යාපෘතියේ (The Millennium Project) අධ්‍යක්ෂ මණ්ඩලයට අසංග අබේගුණසේකර පත් කර ඇත.

ශ්‍රී ලාංකිකයකු එහි අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වූ පළමු අවස්ථාවයි.

මෙම පත්වීම සිදුකර ඇත්තේ ආයතනයේ දකුණු ආසියානු ජාලයට ඔහු කළ කැපී පෙනෙන දායකත්වය හේතුවෙනි.

අසංග අබේගුණසේකර, 2022 දී ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස සහශ්‍රක ව්‍යාපෘතියට සම්බන්ධ විය.

ඔහු දැනට දකුණු ආසියාවේ උපායමාර්ගික දූරදර්ශීභාවය සහ කලාපීය සහයෝගීතාව ඉදිරියට ගෙනයෑම සඳහා වෙන් වී තිබෙන වේදිකාවක් වන දකුණු ආසියානු දූරදර්ශී ජාලයේ (SAFN) විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කරයි.

ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSS) අධ්‍යක්ෂ ජනරාල් ලෙස සහ ලක්ෂ්මන් කදිර්ගාමර් අන්තර්ජාතික සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ (LKI) විධායක අධ්‍යක්ෂ ලෙස නායකත්ව භූමිකාවන් දැරීය.

එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය සඳහා අමෙරිකානු කවුන්සිලය යටතේ සහශ්‍රක ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 1996 දීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments