ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධූරයේ වැඩ භාරගනු ලැබුවා.
බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයකද මින් පෙර සේවය කර තිබුණා.
එමෙන්ම, 2004 සිට 2008 දක්වා ජාතික බල ශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා.