Homeදේශීයප්‍රසන්න 19ට කෙහෙළිය 20ට රිමාන්ඩ්.

ප්‍රසන්න 19ට කෙහෙළිය 20ට රිමාන්ඩ්.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ප්‍රසන්න රණවීර මහතා මෙලෙස අධිකරණය මඟහැර සිටියේ, කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ අනුවයි අධිකරණය වෙත භාර වූ හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි

RELATED ARTICLES

Most Popular

Recent Comments