Homeදේශීයපක්ෂ එක්ක නෑ.ස්වාධීන කණ්ඩායම් එක්ක එකතු වෙනවා.

පක්ෂ එක්ක නෑ.ස්වාධීන කණ්ඩායම් එක්ක එකතු වෙනවා.

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන නමුත් ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසනවා.

අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, මේ මැතිවරණයේදී වැඩි ආයතන ප්‍රමාණයක් දිනා ගනිමින් තනි පක්ෂයක් ලෙස ජාතික ජනබලවේගය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන ඇති බවයි.

“සමහර විවේචකයෝ කියනවා අනිත් ඔක්කොම එකතු වුණාම මාලිමාවට වඩා වැඩියි කියලා…ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ඔක්කොම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා කියන්න පුළුවන් කමක් නැහැ ජනතාව ඉන්නේ අපිත් එක්ක කියලා, ඒ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා, කිසියම් පක්ෂයක් බහුතර සංඛ්‍යාව ගත්තේ නැහැ කියන්නේ ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා,මේ ඔක්කොම එක ගොඩක් හදාගෙන ඒකෙන් සභාව පිහිටුවනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ, නීතියෙන් බාධාවක් නැතිවුණාට. මාලිමාවේ ගණිත විජ්ජා නැහැ”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments