Homeදේශීයපුංචි ඡන්දය ඇරඹෙයි.

පුංචි ඡන්දය ඇරඹෙයි.

2025 පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 07.00 ට ආරම්භ වුණා.

ඒ අනුව ඡන්ද විමසීම දිවයින පුරා මධස්ථාන 13,759 කදී ආරම්භ වීමට නියමිතයි.

ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද, ලියාපදිංචි සෑම ඡන්ද දායකයෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, වලංගු ආකාරයේ අනන්‍යතාව තහවුරු ‍කිරීමේ ලේඛණයක් ඉදිරිපත් කර, ඡන්දය භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

කෙසේවෙතත් අවස්ථා කිහිපයකදී කල් ගිය පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ වසර 7කට පසුව වීම විශේෂත්වයක්.

මෙරට තුළ දීප ව්‍යාප්තව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේදීයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments