Homeදේශීයමාලිමාවේ යාපනය රැස්වීමක ප්‍රභාකරන් වීරයෙකු බව හඟවන ගීතයක් වාදනය කරලා

මාලිමාවේ යාපනය රැස්වීමක ප්‍රභාකරන් වීරයෙකු බව හඟවන ගීතයක් වාදනය කරලා

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ලෝකඩ පිලිරුවක් යාපනයේ වැල්වෙට්ටිතුරේ ඔහුගේ නිවස ඉදිරිපිට ඉදිකිරීමටත් වැල්වෙට්ටිතුරේ තොටුපල ප්‍රභාකරන්ගේ දෙමව්පියන්ගේ නම් වලින් හැදින්වීමටත් පියවර ගන්නා බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් යාපනයේදී පැවසීය.
මෙවර ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයින්ට සහය පිණිස පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක් වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් විසින් යාපනයේදී පවත්වන ලද මැතිවරණ රැස්වීමකදී ප්‍රචාරය වූ ගීතයකද ප්‍රභාකරන් වීරයෙකු ලෙස සලකා එම අදහස ඇතුළත් ගීතයක් ප්‍රචාරය වූ බවයි.

ප්‍රභාකරන් නමින් පිළිරුවක් තැනීම හා ඔවුන්ගේ මව්පියන් වීරත්වයෙන් සැමරීම වඩා වැදගත් බව එම ගීතයේ අන්තර් ගතවූ බව කී ඔහු මේ තත්වය මත තම පක්ෂය ඔහුගේ පිළිරුවක් ඉදි කිරීම සාධාරණ බවද ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රී වරයා සඳහන් කළේය.

මේ කාර්ය සදහා ජාතික ජන බලවේග රජයට අවසර ලබා නොදී සිටීමට කිසිම හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments