Homeදේශීයදේශබන්දු වෙනුවෙන් පත්කළ කමිටුව රැස්වෙයි.

දේශබන්දු වෙනුවෙන් පත්කළ කමිටුව රැස්වෙයි.

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු නම්කර තිබෙනවා.

මේ අතර සිය ධූරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කරන ලදි.

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිත වේ.

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධූරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments