Homeදේශීයහෙට සිට 26 තෙක් ඊශ්‍රායලයේ ශ්‍රීලාංකිකයන් අවධානයෙන් ඉන්න.

හෙට සිට 26 තෙක් ඊශ්‍රායලයේ ශ්‍රීලාංකිකයන් අවධානයෙන් ඉන්න.

ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස එරට සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා ඇත.

අද උදෑසන යේමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත් විය.

ඒ හේතුවෙන් යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව හෙට සිට 26 වැනිදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිධ ඉසව් සංවිධානය කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments