Homeදේශීයසිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි.

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි.

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් පොලීසිය විසින් රථ වාහන කළමනාකරණය සහ උපදෙස් පද්ධතියක් හඳුන්වාදී තිබේ.

අද දින සිට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” නිමිත්තෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික පිරිසක් රාජකාරියේ යොදවා සිටී.

ඒ අනුව “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලීසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී තිබේ.

මෙම පද්ධතිය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙඩි අඩවිය හරහා “සිරි දළඳා වන්දනාව ” නමින් සඳහන් වන daladadekma.police.lk වෙත පිවිසීමෙන් පසු දළදා වන්දනාව සම්බන්ධයෙන් තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකියාව ඇත. සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP ලෙස ප්‍රභූවරුන් සඳහා විශේෂ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පවසයි.

“සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය පිළිබඳ පොලිසියේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

කෙසේ වුවත්, ස්වාමින් වහන්සේලාගේ සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත්, ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සපයන බවත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කළේය.

එසේම, විදෙස් තානාපතිවරුන් වැනි ප්‍රභූවරුන් විශේෂ පරීක්ෂාවකට ලක් කර, මහජනතාවට දළදා වන්දනාව ආරම්භ වීමට පෙර දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දළදා වන්දනාවේදී බැතිමතුන්ට සියයට 98ක පමණ ප්‍රමුඛත්වය ලබාදී ඇති බවත්, උදෑසන කිරි ආහාර පූජාව සඳහා පැමිණෙන බැතිමතුන්ට කිසිදු බාධාවකින් තොරව වන්දනාමාන කළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එහෙත්, එම සියලු දෙනා උදෑසන 10.30 වන විට දළදා මාළිගයෙන් පිටවිය යුතු බව ඔහු අවධාරණය කළේය. දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් සකස් කර ඇති අතර, පිටවීම සඳහා පෝලිම් දෙකක් භාවිතා කරන බවත්, පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන්ට අපහසුතාවයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

පෝලිම්වල සිටින බැතිමතුන් වීඩියෝ ගත කරන බැවින්, කිසිවෙකුටත් “අස්සෙන් රිංගීමට” ඉඩක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ තවදුරටත් පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments