Homeදේශීයකොටස් වෙළදපොලත් ඉහළ යයි

කොටස් වෙළදපොලත් ඉහළ යයි

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි ඊයේ දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණා.

මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද දිනයේ ගනුදෙනු පිරිවැටුම පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී ඉතා පහළ මට්ටමක පැවතියා.

ඒ අනුව ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 792ක් ලෙසින්.

එහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක් හා දේශීය විකිණුම් රු. මිලියන 730ක් ලෙසින් සටහන්ව තිබුණා.

විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 11ක තරම් ඉතා පහළ අගයයක්.

විදේශීය විකිණුම් රු. මිලියන 61ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments