කිතුනු බැතිමතුන්ගේ මහා සිකුරාදා හා පාස්කු උත්සවයේ දේව මෙහෙයන් අද (18)
හා අනිද්දා (20) දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව
වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය
විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර
නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම
ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන
දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත්
වැඩබලන පොලිස්පතිතුමා වැඩිදුරටත් උපදෙස් දී ලබාදී ඇත.
මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරි
යෙදවීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
තවද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි, ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් දන්වා ඇත්තේ.
2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සිදු වූ අපහසුතාවයන් මඟහරවා ගනිමින් සාමකාමී හා ආරක්‍ෂිත පරිසරයක් තුළ පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ජනතාව වෙත අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබුණා.