Homeදේශීයමෙරට විදේශීය විශ්වවිද්‍යාල නියාමනයට නව වැඩපිළිවෙළක්

මෙරට විදේශීය විශ්වවිද්‍යාල නියාමනයට නව වැඩපිළිවෙළක්

මෙරට පවත්වාගෙන යන විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා හා මණ්ඩප නියාමනයට නව වැඩපිළිවෙළක් සැකසීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම ආයතනවල උපාධි පාඨමාලා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණය ගත් බවයි.

දැනට විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා හා මණ්ඩප ඇතුළු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 100කට අධික සංඛ්‍යාවක් මෙරට පවතින බවට ගණන් බලා තිබෙනවා.

ඒවා දැනට ලියාපදිංචි කර ඇත්තේ ආයෝජන මණ්ඩලයේ පමණක් බවද මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

RELATED ARTICLES

Most Popular

Recent Comments