Homeදේශීයඅප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්ද?

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්ද?

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සිකුරාදා දිනයත් මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් අදාළ සතිය තුළ වැඩකිරීමට ඇත්තේ දින තුනක පමණ කාලයක් වන නිසාවෙන් තවමත් එම දිනය ගැන නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments