පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට ජාතික ජන බලවේගය විසින් ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒක මතිකව සම්මත විය.
විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට යෝජනා විය.මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් හිමි විය.විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී පෙරේරා.මුජිබර් රහුමාන්.ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්.උදුමා ලෙබ්බේ ඉලංකෙයි තමිල් අරසුකච්චි නියෝජනය කරන ඥානමුත්තු ශ්‍රීනේෂන් සහ කවීන්ද්‍රන් කෝඩීෂ්වරන් මෙන්ම ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන මහත්වරුන් එලෙස පක්ෂව ඡන්දය දුන් විපක්‍ෂ මන්ත්‍රීවරුන්ය