අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද දිනයේ වත්මන් රජය මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එහි අතීතය අමතක නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාා පැවසීය.
පනත පිළිබඳ විවාදය ආරම්භ කරමින් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මෙනවිය අදහස් දැක්වීමෙන් පසු අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විපක්ෂය වෙනුවෙන් විවාදය අරඹන ලදී.
අයුතු ලෙස ඉපැයූ දේපළ යළි අත්පත් කර ගැනීම පිළිබඳව පසුගිය යහපාලන රජය නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ සභාපතිත්වයෙන් මූලික කටයුතු ඇරඹි බවත් ඊට වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කටයුතු කරනු ලැබිණි.
යහපාලන රජයෙන් පසුව බලයට පත්වූ රජය ද එම ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගොස් වත්මන් රජය අද පාර්ලිමේන්තුවට මෙම පනත ඉදිරිපත් කරන බව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.