මහජනයාට ඇති ලාභ ම ප්‍රෝටීන් ප්‍රභවය බිත්තර බවත් එහි මිල වැඩිවුවහොත් ළමයින්ට හා වැඩිහිටියන්ට එය සෘජුව බලපාන බවත් ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ සභාපති මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර පවසයි.
මහජනයාගේ පෝෂණය වෙනුවෙන් කළ යුත්තේ බිත්තර ආහාරයට ගැනීම ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙලක් දියත් කිරීම බව ඔහු අවධාරණය කළේ ය.
සභාපතිවරයා තවදුරට ත් පැවසුවේ, බිත්තර වැනි පෝෂණ ප්‍රභවයකට වැට් බදු පැනවීමකදී මහජනයා ප්‍රෝටීන් ගැන සිතන තැනකට නොපෙළඹෙන බවත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ කුස පුරවාගැනීම බවත් ය.
මෙය කෙලින්ම ජන සමාජයේ පෝෂණය කඩාවැටීමට බලපාන බව ඔහු පැවසුවේය.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ, බිත්තරේට බදු ගැසීම ඌණ පෝෂිත දරුවන්ට මරු පහරක් බවයි.
අධි ප්‍රෝටීන් සහිත ආහාර අවශ්‍යතා ඇති රෝගීන්ගේ හා මන්දපෝෂණ දරුවන්ගේ සෞඛ්‍යයට මෙම බදු ගැසීම බෙහෙවින් බලපාන බව ඔහු පැවසීය.
විශේෂයෙන් ම, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් බදු එකතු නොකරන බවට පොරොන්දු වූ ආණ්ඩුව බිත්තරයටත් වැට් ගැසීම පිළිකුල්සහගත වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2024 පෝෂණ මාසයේ දත්ත අනුව අඩුබර දරුවන් 17% ක් සිටින බව වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළේය.