සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ විය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් , සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ කළුකපුආරච්චි ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
මෙම අවස්ථාවේදී පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන නිලධාරීන්ට අත්පත්‍රිකා ප්‍රධානය කිරීම සිදුකෙරුණු අතර බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගුවනේ සිට හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය යොදා ගැනීමද විශේෂය.
පැමිණ සිටි පිරිස අමතමින් ආණ්ඩුකාරවරයා මෙම වැඩපිළිවෙලට නිරන්තරයෙන් සහයෝගය දක්වන සෞඛ්‍යමෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තුතිය පිරිනැමීය. බස්නාහිර පළාතේ දින තුනක ඩෙංගු මඩින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් සතුටු වන බවත් මේ වසරේ ඩෙංගු කැපී පෙනෙන ලෙස අඩු වි ඇති බවත්,ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වනවිට මේ තත්ත්වය තවත් සතුටුදායක වන බවත් පැවසීය.ඩෙංගු මර්ධනය සඳහා ආණ්ඩුකාරවරයා වශයෙන් දිය හැකි සියලු ආකාරයේ සහයෝගය ලබා දෙන බවද හෙතෙම පැවසීය.