Homeදේශීයසමපෝෂ දෙන්නේ සතොස සභාපතිගේ උවමනාවකටද

සමපෝෂ දෙන්නේ සතොස සභාපතිගේ උවමනාවකටද

එළඹෙන උත්සව සමය හේතුවෙන් පාරිභෝගික ජනතාව සදහා සහන මල්ලක් ලබා දෙන බව වෙළෙද,වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා තිබුණා.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

අමාත්‍යවරයා පවසා සිටියේ
නාඩු සහල් කිලෝ ග්රෑම් 05ක් නැතිනම් නාඩු සහල් කිලෝ 03ක් සහ පාන් පිටි ලබා දෙන බවත් නැතිනම් රතු සහල් සහ පාන් පිටි කිලෝ 02ක්. ලොකු ලූණු කිලෝ 02ක්, අල කිලෝ 02ක්, පරිප්පු කිලෝ 02ක්, සැමන් ටින් 01, දුඹුරු සීනි කිලෝ 03ක්, පාන් පිටි කිලෝ 02ක්, සෝයාමීට් පැකට් 04ක් ලබා දෙන බවයි.

කෙසේ වෙතත් මෙම සහන මල්ල සදහා සමපෝෂ පැකට් 02ක් ලබා දීම සතොස සභාපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා විවිධ මාතෘකා ගොඩනැගෙමින් පවතී.

ආණ්ඩුවේ සුපෝෂ තිබිය දි සමපෝෂ දෙන්නේ රජයේ වැය මුදල් ඉතුරු කරන්නද? යනුවෙන් ප්‍රශ්න කරමින් සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments