Homeදේශීයබිමල්ගේ ෆුට් නෝට් ප්‍රශ්නෙට හර්ෂගෙන් උත්තරයක්

බිමල්ගේ ෆුට් නෝට් ප්‍රශ්නෙට හර්ෂගෙන් උත්තරයක්

2025 අයවැය තෙවන වර කියවීමේ විවාදයේ අවසන් දෙදින මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය සඳහා වෙන්කර තිබේ.

ඒ අනුව අද සහ හෙට දෙදින පුරා කාරක සභා අවස්ථා විවාදය සිදුකර හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇත.

අද දිනයේ විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින්.

මන්ත්‍රීවරයා විවාදය ආරම්භ කරමින් කරුණු දක්වමින් සිටියදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මැදිහත් වෙමින් වසර ගණනාවක් පුරා ආන්දෝලනයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව එවක රජය නියෝජනය කළ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් යොදන ලද පාද සටහන් (ෆුට් නෝට්) පිළිබඳව විමසීමක් කලා.

ඊට පෙරළා පිළිතුරු සපයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා තමන් ඇතුළු පිරිස පුට් නෝට් යෙදීම පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර ඒ පිළිබඳව වූ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

මන්ත්‍රීවරයා සභා නායකවරයාගේ සහ ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටියේ ෆුට් නෝට් යෙදීම පිළිබඳව හුදු මඩ ප්‍රහාර එල්ල කිරීම වෙනුවට කරුණු මත නිවැරදිව අධ්‍යනය කර ඒ පිළිබඳව අදහස් දැක්වීම වඩා සුදුසු බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments