Homeදේශීයකර්මාන්තපුර 10ක්

කර්මාන්තපුර 10ක්

නව කර්මාන්ත පුර දහයක් ඇරඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මෙම කර්මාන්ත පුර ඉංගිරිය රයිගම, මිල්ලනිය (අදියර දෙක),පරන්තන්,වාලච්චේන,පුලියන් කුලම,ආරච්චිකට්ටුව,තිහගොඩ, මාවතගම,ඇලයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශ ආවරණය කරමින් ඉදි කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එක් එක් ක්ෂේත්‍රයන් සඳහා කර්මාන්ත පුර වෙන් කිරීමට බලාපොරොත්තු වෙන බවත් එවිට එහි ඵලදායීතාව වැඩිකර ගන්නට හැකියාව ලැබෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී එහි සැලැස්ම රටට ඉදිරිපත් කරන බව පැවසුවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments