Homeදේශීයදිලිත් ආණ්ඩුවට - එන්නම එපා හරිනි කියයි

දිලිත් ආණ්ඩුවට – එන්නම එපා හරිනි කියයි

සර්ව ජනබලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සභාගර්භය හරහා ගමන් කිරීමට යාමෙන් අද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දෙමින් සිටියදී දිලිත් ජයවීර මන්ත්‍රීවරයා වැරදීමකින් විපක්ෂය දෙස සිට ආණ්ඩු පක්ෂය දෙසට ගමන් කිරීමට යාමේදී එය වැළැක්වීමට සුජීව සේනසිංහ,අජිත් පී පෙරේරා මන්ත්‍රීවරුන් මැදිහත්වීමක්ද සිදුකර ඇතැයි වාර්තා වෙයි.

ඒ පැත්තෙම හිටියනම් හොඳයි මේ පැත්තට එන්නෙම නැතුව කියලා තරයේම කියා සිටිනවා.යැයි මේ අවස්ථාවේ අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments