Homeදේශීයසජබ අයවැයට විරුද්ධයි

සජබ අයවැයට විරුද්ධයි

2025 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, 07 වන දිනටත් අයවැය දෙවනවර කියවීමේ විවාදය අද දිනයේ පැවැත්වීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 09.30ට ආරම්භ වන අතර අයවැය විවාදය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

පස්වරු 06.00 දක්වා එම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසුම පැවැත්වෙනු ඇති.

මේ අතර අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments