නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර 25 වැනි වරටත් පැවැති ජයවර්ධනපුර සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය කොළඹ, පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී විසඳුමකින් තොරව අවසන් වූනා.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අබුතාහිර් අතීෆ් (නායක), නිතීශ් කමලසූරිය, නදිල් පෙරේරා, සදෙව් ඉන්දීප, චෙනුක මිත්සර, පෝෂිත මදනායක, නිම්සර පෙරේරා, යොහාන් ලක්ෂිත, චතුර සිල්වා, රෙශාන් කෙත්මිර (කඩුලු රකින්නා), බනුජ චමත්කාර.
නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අනුසර ප්‍රනාන්දු (නායක), කළණ ප්‍රබුදිත, වෝචන ලක්ශාන්, පියුමාල් දෙව්රංග, තිමල්ක සුපසන්, ලහිරු සම්පත්, ට්‍රිශාන් දමිඳු, ඉමෙත් සන්සිලු, සඳුන් දෙව්මිණ, මොහොමඩ් මිශල්.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 150ක් පමණයි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 216ක් ලබා ගන්නවා. ලකුණු 66ක් පසු පසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩකයෝ එවර කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. ජයග්‍රහණය සඳහා ලකුණු 79ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබා සිටියා. දක්ෂතම පන්දු යවන්නා: පියුමාල් දෙව්රංග (සාන්ත ජෝන් විද්‍යාලය)
දක්ෂතම පිතිකරු: පෝෂිත මදනායක (ආනන්ද ශාස්ත්‍රාලය)
තරගයේ වීරයා: අනුසර ප්‍රනාන්දු (සාන්ත ජෝන් විද්‍යාලය)