නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙනඑන බවට ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රතිපත්තිය තුළ මෙන්ම මැතිවරණ වේදිකාවලද දිගින් දිගටම ප්‍රකාශ වුවද නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අද වනවිට වචනයක්වත් කතා නොකරන බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේදා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේනම් විපක්ෂයද ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවද අජිත් පි පෙර්රා මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට ජනතාව දැවැන්ත ජනවරමක් ලබාදුන්නේ විප්ලවීය වෙනසක් සිදුකිරීම වෙනුවෙන් වුවද එවැනි කිසිවක් දක්නට නොැලැබෙන බවද අජිත් පී පෙරේරා මහතා පැවසිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අයවැය විවාදය සඳහා සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.
මේ රටේ ජනතාවට අභිලාෂයක් තිබුණා, මේ ආණ්ඩුව විප්ලවීය වෙනසක් ඇති කරයි කියලා. මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපට විකල්පයක් අවශ්‍යයි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් කියනවා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට. ජනතාවට සිදුකළ පොරොන්දු මේ අය අද අමු අමුවේ උල්ලංඝණය කරනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙනඑන බවට ජනාධිපතිවරයා අයවැය කතාවේ කිසිම තැනක කිව්වේ නැහැ. ඒ වගේම නිදහස් දින උත්සවයෙදි කිව්වෙත් නැහැ. කාදිනල් තුමා මතක් කළා. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇතිකළ යුතුයි. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේනම් අපගේ සහයෝගයත් ලබා දෙනවා. මේ අයවැයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ප්‍රතිපාදන වෙන්වි නැහැ.
විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කිව්වා. නමුත් ජනාධිපතිවරයා ඊට සූදානම් නැහැ. රටේ ජනතාව නව ජනවරමක් ලබාදුන්නේ රටතුළ විප්ලවීය වෙනසක් සිදුකිරීම වෙනුවෙන්. කෝ.