Homeදේශීයඅයවැය ගැන තීරණය කරන විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම

අයවැය ගැන තීරණය කරන විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම

අයවැය 2025 දෙවන වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේ ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අනිද්දා පස්වරුවේ පැවැත්වෙන අතර,පසුගිය 17 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ හැත්තෑ නම වන අයවැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පුරා දින හතක් අයවැය තිබෙන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව අනිද්දා පස් වරුවේ ඡන්දය විමසීම පැවැත්වෙනු ඇති.

හෙට පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන සමගි ජන සන්ධානය අයවැය ඡන්දය විමසන අවස්ථාවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බව සඳහන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments