Homeක්‍රීඩාතර්ස්ටන් - ඉසිපතන 62වන සහෝදරයන්ගේ සටන අද සිට

තර්ස්ටන් – ඉසිපතන 62වන සහෝදරයන්ගේ සටන අද සිට

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පවත්වනු ලබන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද කොළඹ එස්.එස්.සී. පිටියේදී ඇරඹේ. මෙවර තරගය පැවැත්වෙන්නේ 62 වැනි වරට වන අතර ඉතිහාසයේ පළමු වරට තරගය තුන් දින තරගයක් ලෙසින් 23 වැනිදා දක්වා පැවැත්වේ.

‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන’ සඳහා දෙවිදුහල් තරග වදින ‘සහෝදරයන්ගේ සටන’ 1964 වසරේදී ඇරැඹුණු අතර මේ දක්වා පැවැති තරග 61 අතුරින් තරග 6ක ජයග්‍රහණ හිමිකරගත් තර්ස්ටන් විද්‍යාලයට වැඩි ගෞරව හිමිව ඇත. ඉසිපතන විද්‍යාලය තරග 4ක් ජයග්‍රහණය කරද්දී, තරග 50ක් ජය පරාජයකින් තොරව අවසන්ව ඇත. ඉසිපතන විද්‍යාලය අවසන් වරට 1999 වසරේදී ක්‍රිෂාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කළ අතර තර්ස්ටන් විද්‍යාලය 2019 වසරේදී සඳරු ඩයස්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙවර තරගයේදී තනුග පළිහවඩන තර්ස්ටන් කණ්ඩායමේ නායකත්වය දරන අතර තනුජ රාජපක්ෂ උප නායකත්වය දරනු ලැබේ. ඉසිපතන කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය පිළිවෙළින් ලෙසඳු කල්පගේ සහ චනුල් දිනෝද් හට හිමිව ඇත. මේ අතර ‘ප්‍රියා පරණවිතාන අභියෝගතා කුසලාන’ සඳහා 18 වැනි වරට පවත්වන විස්සයි විස්ස තරගය මාර්තු 2 වැනිදා කෝල්ට්ස් පිටියේදීත්, ‘ඩබ්ලිව්.ඒ. ද සිල්වා අනුස්මරණ කුසලාන’ සඳහා වන 45 වැනි එක්දින තරගය මාර්තු 9 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments