Homeදේශීයඅක්කර 600ක් ගිනිගත්තට පස්සෙ ගිනි පාලන සතියක් දාලා

අක්කර 600ක් ගිනිගත්තට පස්සෙ ගිනි පාලන සතියක් දාලා

වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කරන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ, වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වාර්තා වීම ඉහළ යෑමත් සමගයි.

ලබන 24 වැනිදා සිට ගිනි පාලන සතිය ක්‍රියාත්මක බව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේය. ඇල්ල වැල්ලවාය රාවනා ඇල්ල රක්ෂිත වනාන්තරයේ ඇල්ල රොක්කඳු පංතියේ ඉකුත්දා හටගත් ගින්න නිවා දමා ඇත.

යුද හමුදාව ,වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමූ බව ඇල්ල පොලිසිය පවසයි.

මෙම ගින්නෙන් අක්කර 600ක් පමණ විනාශවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙවැනි ගින්නකදී එය නිවා දැමීමට ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා වල සහාය ලබා ගත් අතර මෙවර ගුවන් හමුදාවේ සහාය රජය ඉල්ලීමක් නොකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ගුවන් හමුදා හෙළිකොප්ටර් සහාය ලබා නොගත්තේ වියදම වැඩි නිසා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මාධ්‍ය වෙත පැවසීය. එසේම එම හෙළිකොප්ටර් මගින් ගින්න නිවීමට ගුවනින් ජලය දැමූවද එය නිවැරදිව ගින්නට වැටෙන්නේ නැති නිසා එය සාර්ථක විසඳුමක් නොවන බව හඳුනාගෙන ඇතැයිද පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments