අද පැවති විශේෂ පාර්ලිමේන්තු රැස්වීම මිනිත්තු 25කට සීමාවිය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස,ගයන්ත කරුණාතිලක,රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් රට තුළ පවතින විදුලි අර්බුදය පිළිබඳව සභාව හමුවේ ප්‍රකාශයක් සිදු කරන ලෙස විදුලිබල අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වනු නොලැබිණි.
එම අවස්ථාවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සභාවේ රැඳී සිටීම විශේෂත්වයක්.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකවරයා සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේ දමිළ භාෂාවෙන් පරිවර්තනය කිරීම නිවැරදිව සිදු නොවූ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා ප්‍රශ්නයක් මතු කරමින් සභාවේ අවධානය යොමු කරන ලදී.