යාපනය හින්දු විද්‍යාලය සහ කොළඹ හින්දු විද්‍යාලය අතර 14 වැනි වරටත් පැවැති Battle of the Hindus වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යාපනය හින්දු විද්‍යාලය සමත් වූවා.
ඒ සමඟින් හින්දු කුසලානය සිව් වතාවක් ජයග්‍රහණය කරමින් වැඩිම වාර ගණනක් වාර්ෂික මහා ක්‍රිකට් තරග ජයගත් කණ්ඩායම බවට පත් වීමට ද යාපනය හින්දු විද්‍යාලය සමත් වෙනවා. කොළඹ හින්දු විද්‍යාලය ජයග්‍රහණය කර ඇති මහා ක්‍රිකට් තරග ප්‍රමාණය 3ක් වන අතර ඉතිරි තරග 7 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි.
ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිටවූවා. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 252ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි යාපනය හින්දු විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 187ක් පමණයි. තරගයේ දක්ෂතම පන්දු යවන්නා – , V Yuvaraj (කොළඹ හින්දු විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – S Midhusigan (කොළඹ හින්දු විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – T. Preeththikan (යාපනය හින්දු විද්‍යාලය)
තරගයේ වීරයා – Sutharsan Subarnan (යාපනය හින්දු විද්‍යාලය)