Homeදේශීයඩ්‍රෝන භාවිතය අනාගතයේ බරපතල තත්වයක්

ඩ්‍රෝන භාවිතය අනාගතයේ බරපතල තත්වයක්

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ පවසා ඇත්තේ, නියාමනයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම භයානක ප්‍රතිවිපාක ඇති කළ හැකි බවත් එම අංශය නියාමනය කළ යුතු බවත්ය.

මහනුවර දළදා මාලිගාව සහ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

අනාගතයේදී බරපතල තත්වයක් වළක්වා ගැනීම සඳහා ඩ්‍රෝන යානා භාවිතය හැකි ඉක්මණින් නියාමනය කළ යුතු බව ඔහු පවසා ඇත.

අතිරේක සහායක් ලෙස හෙලිකොප්ටර් භාවිත කරමින් රටේ භූමිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව සමඟ කටයුතු කරන බවත්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම, සරණාගතයන් සහ නීතිවිරෝධී ධීවර කටයුතුවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහාය විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments