Homeදේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දේශපාලන ගැටලු හේතුවෙන්, මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් අද උදෑසන 6.00 ට පමණ පහර දී තිබූ බව මේ සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් සාලි නලීම් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.

“මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට, වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා. මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස්, වාහනයෙන් බැස ඇතුළට යන විට, පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී, පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා.”

මේ අතර, මෙම සිද්ධියේදී එවැනි කිසිවක් සිදු නොවූ බවත් දෙදෙනාම තල්ලු කර දැමූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments